ලෝක ප්‍රකට කාටූන් චරිතයක් වන ගාෆීල්ඩ්ගේ අලුත්ම සිනමා ආගමනය ‘The Garfield Movie’ හරහා ඔබට හාස්‍යය සහ ක්‍රියාදාම පිරුණු අපූරු අත්දැකීමක් විඳගත හැකි අතර, සැමවිටම නිවසට වී ලසඤ්ඤා කෑමට ප්‍රිය කරන කම්මැලි ගාෆීල්ඩ්ට මෙවර තම හුරුපුරුදු සැපපහසු ජීවිතයෙන් බැහැරව අතිශය භයානක මෙන්ම විනෝදජනක එළිමහන් මෙහෙයුමකට දායක වීමට සිදුවෙයි. වසර ගණනාවකට පසු අහම්බෙන් මුණගැසෙන තම පියා වන ‘වික්’ නම් වීදි බළලා සමඟ එක්වී සිදුකරන මේ සොරකමේ සැලසුම ගාෆීල්ඩ්ගේ සහ ඔහුගේ විශ්වාසවන්ත සුනඛ මිතුරා වන ඕඩීගේ ජීවිත උඩුයටිකුරු කරන අතර, පවුලේ සැමට එකට හිඳ සිනාසෙමින් නැරඹිය හැකි මෙම සිනමාපටය ගාෆීල්ඩ්ගේ රසිකයන්ට මෙන්ම කුඩා දරුවන්ට ද අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානයි.
No high-speed download links available for this selection.