Ice Age 1 | සිංහල හඩකැවූ චිත්‍රපටය
Movie • 4K ULTRA HD
මීට වසර දහස් ගණනකට පෙර පෘථිවිය අයිස්වලින් වැසී ගිය යුගයක, අතරමං වූ කුඩා මිනිස් බිළිඳෙකු නැවත ඔහුගේ පවුල වෙත භාර දීමට උත්සාහ කරන අපූරු සත්ත්ව කණ්ඩායමකගේ කතාවයි මේ. කවදාවත් එකට එකතු නොවන ජාතියේ දැවැන්ත මැමත් සතෙක්, කටකාර ස්ලොත් සතෙක් සහ කපටි සේබර්-ටූත් කොටියෙක් එකම අරමුණක් වෙනුවෙන් යන මේ ගමන හාස්‍යය මෙන්ම කුතුහලය පිරුණු එකක් වන අතර, තමන්ගේම කියලා අතපය හැංගූ Scrat නම් ලේනා ඔහුගේ ආදරණීය ඒකෝන් (Acorn) ගෙඩිය සොයා යන අකරතැබ්බයන් ඔබව අනිවාර්යයෙන්ම සිනහ ගන්වනු නොඅනුමානයි. පවුලේ සැමට එකට වාඩි වී නැරඹිය හැකි ආදරය, සහයෝගය සහ වික්‍රමාන්විත අත්දැකීම් පිරුණු මේ සිනමාපටය අදම නරඹන්න!
Cast
Ray Romano (Manny), John Leguizamo (Sid), Denis Leary (Diego), Jack Black (Zeke), Goran Višnjić (Soto)
Director / Production
20th Century Fox Animation, Blue Sky Studios