සූර පප්පා රෝම සෙම්පති (soora pappa - rooma sempathi) | සිංහල හඩකැවූ චිතරපටය
Movie • 4K ULTRA HD
ඔබ කුඩා කල සිටම මහත් සේ ආදරය කළ \\\\\\\'සූර පප්පා\\\\\\\' (Asterix) සහ \\\\\\\'ජිම් පප්පා\\\\\\\' (Obelix) ගේ අලුත්ම වික්‍රමය \\\\\\\'රෝම සෙම්පති\\\\\\\' සලරුව හරහා නැරඹිය හැකිය! ජුලියස් සීසර් මෙවර ගෝල් දේශය යටත් කර ගැනීමට අලුත්ම උපක්‍රමයක් ලෙස ඔවුන්ගේ ගම්මානය අසල \\\\\\\'දෙවියන්ගේ රාජ්‍යය\\\\\\\' නමින් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැරසෙයි. ගෝල් වැසියන්ව රෝම සංස්කෘතියට නතු කර ගැනීමට දරන මෙම උත්සාහය පරාජය කර, සූර පප්පා ඇතුළු පිරිස තම ගම්මානය බේරා ගැනීමට දරන අතිශය හාස්‍යජනක සහ ත්‍රාසජනක උත්සාහය මෙහි මනරම් ලෙස නිරූපණය වේ. පැරණි සූර පප්පා රසිකයින්ට මෙන්ම නව පරපුරට ද එකසේ රසවිඳිය හැකි, ඉතා ඉහළ මට්ටමේ ත්‍රිමාණ සජීවීකරණයෙන් යුතු මෙම සිනමාපටය ඔබේ පවුලේ සැමටම මහත් විනෝදයක් ගෙන දෙනු නොඅනුමානයි!
Cast
Roger Carel, Guillaume Briat, Lionnel Astier (Original French) | Jack Whitehall, Nick Frost (English Dub)
Director / Production
M6 Studio, Belvision, Mikros Image, SNC