සූර පප්පා සහ ජිම් පප්පා මෙවර මුහුදු හතක් තරණය කර එංගලන්තය බලා යන අතිශය විනෝදජනක ගමන \'එංගලන්ත ගමන\' සිනමාපටයෙන් දිග හැරේ! ජුලියස් සීසර්ගේ රෝම හමුදාව එංගලන්තය ආක්‍රමණය කරන විට, තම ඥාති සහෝදරයාට උදව් කිරීම සඳහා සූර පප්පා ඇතුළු පිරිස සුපිරි අරිෂ්ට බැරලයක් ද රැගෙන එංගලන්තයට ළඟා වෙයි. එහිදී ඔවුන්ට හමුවන අමුතුම සිරිත් විරිත් ඇති ඉංග්‍රීසි ජාතිකයන්, ඔවුන්ගේ තේ පානය සහ ක්‍රිකට් ක්‍රීඩාව වැනි දේ සමඟ සූර පප්පලා මුහුණ දෙන අකරතැබ්බයන් අතිශය හාස්‍යජනක ලෙස මෙහි නිරූපණය කර ඇත. රෝම හමුදාව අතට පත් වූ අරිෂ්ට බැරලය සොයා යන මේ ත්‍රාසජනක මෙහෙයුම, එදා සිරස රූපවාහිනියෙන් නැරඹූ රසිකයන්ට අමතක නොවන මතකයන් රැසක් අවදි කරන, මුළු පවුලටම මහත් සිනහවක් ගෙන දෙන සුපිරි චිත්‍රපටයකි!
No high-speed download links available for this selection.