අයිස් යුගයේ අපේ සුපුරුදු මිතුරන් කණ්ඩායමට මෙදා පාර මුහුණ දෙන්න වෙන්නේ පෘථිවියෙන් එහා අභ්‍යවකාශයෙන් පැමිණෙන මහා විපතකටයි. ස්ක්‍රැට්ගේ නොතිත් ඇටලූ ආසාව නිසා අහම්බෙන් සිදුවන අභ්‍යවකාශ අනතුරක් හේතුවෙන් පෘථිවිය දෙසට ඇදී එන මහා ග්‍රහකයකින් ලෝකය බේරා ගැනීමට මැනී, සිඩ් සහ ඩියාගෝ ඇතුළු පිරිසට \\\\\\\"බක්\\\\\\\" ගේ මගපෙන්වීම යටතේ අලුත් වික්‍රමයක නියැලෙන්නට සිදුවෙයි. අලුත් යහළුවන්, වර්ණවත් ලෝකයන් සහ වෙනදා වගේම බඩ පැලෙන හාස්‍යජනක දර්ශන රැසකින් සමන්විත මෙම සිනමාපටය, පවුලේ සෙනෙහස සහ ඕනෑම අභියෝගයකට එක්ව මුහුණ දෙන ආකාරය ගැන අපූරු පණිවිඩයක් රැගෙන එන නිසා මේ සුපිරි අත්දැකීම අනිවාර්යයෙන්ම නරඹන්න!
No high-speed download links available for this selection.