සූර පප්පා ලෝකයේ කෙලවර (Soora Pappa Lokaye Kelawara) | සිංහල හඩකැවූ චිත්‍රපටය
Movie • 4K ULTRA HD
ලෝකය පැතලි යැයි විශ්වාස කළ අතීතයේ, වෙද පප්පාව ලෝකයේ කෙළවරින් පහළට ඇද දැමීමට රෝම හමුදාව දියත් කරන රහසිගත කුමන්ත්‍රණයත් සමඟ සූර පප්පා සහ ජිම් පප්පා මෙවර නොදන්නා දේශයක් සොයා මහා සාගරය තරණය කරනවා! වෙද පප්පාව බේරාගැනීමේ අරමුණින් අමෙරිකානු වෙරළට ගොඩබසින ඔවුන් දෙදෙනාට එහිදී රතු ඉන්දියානු ගෝත්‍රිකයන් සහ දරුණු මන්ත්‍රකාරයෙකු සමඟ මුහුණ දීමට සිදුවන අකරතැබ්බයන් රාශියක් ඇතුළත් මෙම සිනමාපටය, කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද එකසේ සිනාගන්වන අතිශය විනෝදජනක නිර්මාණයකි. සිංහල හඬකැවීම් සමඟින් අපේ රටේ අතිශය ජනප්‍රිය වූ මෙම \"ලෝකයේ කෙලවර\" චාරිකාව නැවතත් මතක් කර ගැනීමටත්, සූර පප්පාගේ වීර වික්‍රමයන් නැරඹීමටත් අදම මෙය නරඹන්න!
Cast
Craig Charles, Howard Lew Lewis, Geoffrey Bayldon (English Dub)
Director / Production
Extrafilm Produktion GmbH, Hahn Film AG